රජය විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති පාලන මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙන්දන් 07 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබෙනවා.
පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශය නිට්ටඹුව, අත්තනගල්ල සහ ඌරාපොල යන නගරවල සිදුකළ වැටලීම් වලදීයි මෙම වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව ඇත්තේ.
අදාළ වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන බැඳුම්කර යටතේ මුදාහරින ලද අතර, ඔවුන්ට මැයි මස 23 වන දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබෙනවා.
නියමකර ඇති පාලන මිලට වඩා වැඩි මුදලකට ජල බෝතලයක් අලෙවි කළ හොත්; පැනවිය හැකි දඩ මුදල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10ක් දක්වා වියහැකි බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ.














Better to publish the recommended price list for all type of water bottles for convenience of customers