spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩි මිලට අලෙවි කරන්න හැදූ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වැඩි මිලට අලෙවි කිරීමට සගවා තිබූ රජයේ මත්පැන් බෝතල් 60ක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිදහස් දිනය සහ පෝය දිනය හේතුවෙන් මත්පැන් අලෙවිසැල් වසා තැබීම හමුවේ මෙම සැකකරු වැඩි මිලට අලෙවි කිරීමට මෙම මත්පැන් රැස්කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති බවයි.

ඔහු සතුව තිබී මිලිලීටර් 375 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 20ක් සහ මිලිලීටර් 185 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 40ක් සොයාගෙන තිබෙනවා.

57 හැවිරිදි සැකකරු මත්පැන් බෝතල් තොගය සමග යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?