වැඩි මිලකට නීතිවිරෝධී අයුරින් රා විකුණූ කතක් අල්ලයි

බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රා බෝතල් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකාරිණිය අද (31) බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

සැකකාරිණිය දීපාවලි උත්සවය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති පසුබිමිකදී ඇයගේ පදිංචි නිවස පිහිටි කර්කස්වොල් වතුයායේ දී රා බෝතල් අලෙවි කර ඇති බවට හෙළි ව තිබෙනවා.

සැකකාරිණිය විසින් අලෙවි කිරීමට සූදානම් කරන ලද රා බෝතල් 45ක් පොලිසි‍ය සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.