වැඩි පොළියක් දෙන බව කියා කොටි ගණන් වංචා කළ ආයතනයක් ගැන විමර්ශන

ඉහළ පොළී මුදලක් ලබාදෙන බවට පවසා මුදල් තැන්පතුකරුවන්ගෙන් විශාල මුදලක් වංචා කළ බවට නේෂන් ලංකා ෆිනැන්ස් මූල්‍ය ආයතනයට සහ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර විමර්ශනය අරඹා තිබෙනවා.

ඒ, වෙනුවෙන් නේෂන් ලංකා ෆිනැන්ස් මූල්‍ය ආයතන සභාපතිවරයා B 560/25 නඩුකරය සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මීගමුව පොලිසියට කැඳවනු ලැබුවා.

මේ වනවිට නේෂන් ලංකා ෆිනැන්ස් මූල්‍ය ආයතනයට අනුබද්ධිත සිංහ කැපිටල් ආයතනය ඉතා විශාල මුදල් තැන්පතු ගණනක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති අතර, ගනුදෙනුකරුවන්ට පොරොන්දු වූ පරිදි පොළී මුදල් හා කල්පිරූ පසු තැන්පතු මුදල් නොගෙවා ස්‌ථාවර තැන්පතුකරුවන් මගහැර සිටින බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයාගේ ප්‍රකාශය අනුව ඔහු මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියා බව සනාථ කර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය කටයුතු කර තිබෙනවා.

මේ අතර ඉහත සමාගම්වල සභාපතිවරයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවට ද අනාවරණය වී තිබෙනවා.

තවදුරටත් විමර්ශන කිරීමේ දී සනාථ වී ඇත්තේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය තැන්පතුකරුවන්ගේ මුදල් ලබාගෙන ඇත්තේ ගාලු පාර, කොළඹ 03 ප්‍රදේශයේ ඇති ලිපිනයක දී බවයි.

පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නේෂන් ලංකා ෆිනැන්ස් මූල්‍ය ආයතනය, සිංහ කැපිටල් එන්වෙස්ට්මන්ට් නමින් ආයතනයක් පිහිටුවා එමගින් මෙම තැන්පතුකරුවන්ගේ මුදල් ලබාගෙන ඇති බවයි.

මේ හේතුවෙන් තැන්පතුකරුවන් රාශියක් අපහසුතාවයට පත්වී ඇති අතර, ඔවුන්ගෙන් ඇතැම් තැන්පතුකරුවන් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා පවා නඩුකරයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40