වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ඔක්තෝබර් පළමුවැනිදා එළිදැක්වේ

එළඹෙන ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය (2025-2035) එළිදැක්වීමට කටයුතු සුදානම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහගේ සභාපතිත්වයෙන් යුතු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම ප්‍රතිපත්තිය සලකා බැලීමට පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දැක්වූ ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ නිලධාරීන් මෙම ප්‍රතිපත්තිය 2016 වසරේදී සකස් කිරීම ආරම්භ වී ඇති බව පැවැසුවා.

වර්තමානයට ගැලපෙන ලෙස සියලු පාර්ශවවල අදහස් හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති අධ්‍යයනය කරමින් මෙය සකස් කර ඇති බව ද ඔවුන් පැවසුවා.

2012 වසරේ දී සිදුකළ ජන සංගණනයට අනුව මෙරට වැඩිහිටි ජනගණය 12.4 % වූ අතර එම ප්‍රමාණය 2024 දී සිදුකළ ජනසංගණනයට අනුව 18.3% දක්වා ඉහළ ගොස් තිබෙන බව එම නිලධාරීන් දත්ත ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවා.

ඒ අනුව 2040 වන විට මෙරට වැඩිහිටි ජනගහණය 25.04 % දක්වා ඉහළ යන බවට පුරෝකතනය කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වමින් සදහන් කළා.

ඒ, අනුව මෙම ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ එම ජන කොටස වෙනුවෙන් අදාළ රැකවරණය, සුරක්ෂිත බව ලබාදීමට අවස්ථාව හිමිවන බවද ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, මෙරට වැඩිහිටි ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සකස් කළ මෙම ප්‍රතිපත්තිය අගයමින් එය බිම් මට්ටමේදී ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටියා.

ඒ සඳහා විදිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට උපදෙස් ලබාදුන් සභාපතිවරයා ඊට අවශ්‍ය සහාය කාරක සභාවෙන් ලබාදීමට සූදානම් බවත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15