spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩිහිටියන්ට යුක්තිය ඉටුවනතුරු අපි හඬ නගනවා – විපක්ෂ නායක

වැඩිහිටියන්ගේ ගිණුම් සඳහා 15% පොළිය දෙනතුරු හඬ නඟන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම 6%ට – 8%ට පහත දමා ඇති බවත් ඔවුන්ගේ මුදල්වලට ලැබුණු පොළියෙන් වැඩිහිටි ජනතාව තමන්ගේ බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.

එබැවින් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොලිය 15%ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එය මහපොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ අද (04) දින මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එමෙන්ම මෙම අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත උපකරණ සහ නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?