වැඩියෙන් විදුලිය නිපදවා ඉන්දියාවට දෙන්න – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පවසනවා.

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත් වුණා.

බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් මෙහිදී ඉන්දියාවට ස්තුතිය පළ කර සිටියා.

විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දිගු කාලීනව ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුණා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි බවත් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙහිදී සඳහන් කළා.

භූතානය විශාල වශයෙන් ජල විදුලිය නිපදවන අතර එය ඉන්දියාවට අලෙවි කරන බවත් එය එරට විශාලතම ආදායම බවත් ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබාදෙන පුහුණුව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36