වැඩිමහල් සොයුරාගේ පහරදීමෙන් බාල සොයුරා ජීවිතක්ෂයට

ගල්නෑව හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වැඩිමල් සොයුරා එල්ල කළ උදලු පහරකින් බාල සොයුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුකන සිරිමාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත් වීමෙන් පසු විශ්‍රාම ලබා සිට තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර, එය දුරදිග ගොස් පසු පසින් පැමිණි වැඩිමහල් සොයුරා බාල සොයුරාගේ හිසට උදැල්ලෙන් පහරදී ඇතැයි සඳහන්.

පහරදීමෙන් බිම පසු හිසට නැවතත් පහර 03ක් පමණ උදැල්ලෙන් එල්ල කර ඇති බවයි සිද්ධිය ඇසින් දුටු මව ප්‍රකාශ කර ඇත්තේ.

පහරදීමෙන් අනතුරුව සැකකාර දෙවැනි පුතු නිවසින් පළා ගිය බව ද ඇය සඳහන් කළා.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු පලාගොස් බස්නැවතුමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි ගල්නෑව පොලිසිය කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01