වැඩිමහල් සොයුරාගේ පහරදීමෙන් බාල සොයුරා ජීවිතක්ෂයට

ගල්නෑව හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වැඩිමල් සොයුරා එල්ල කළ උදලු පහරකින් බාල සොයුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුකන සිරිමාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත් වීමෙන් පසු විශ්‍රාම ලබා සිට තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර, එය දුරදිග ගොස් පසු පසින් පැමිණි වැඩිමහල් සොයුරා බාල සොයුරාගේ හිසට උදැල්ලෙන් පහරදී ඇතැයි සඳහන්.

පහරදීමෙන් බිම පසු හිසට නැවතත් පහර 03ක් පමණ උදැල්ලෙන් එල්ල කර ඇති බවයි සිද්ධිය ඇසින් දුටු මව ප්‍රකාශ කර ඇත්තේ.

පහරදීමෙන් අනතුරුව සැකකාර දෙවැනි පුතු නිවසින් පළා ගිය බව ද ඇය සඳහන් කළා.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු පලාගොස් බස්නැවතුමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි ගල්නෑව පොලිසිය කියාසිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42