ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36 කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක් වන අතර, ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කළ නිලධාරියෙක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.













