වැඩබලන ඇමතිවරු හතරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම නව පත් කිරීම් අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති අතර, වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

එමෙන්ම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01