spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩතහනම් වූ දුම්රිය සේවකයින් තිදෙනෙක් යළි සේවයට

විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටවූ බවයි.

ඉකුත් 5 වනදා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක වායුසමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ද සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුව කටයුතු කරනු ලැබුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක් වූ නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ කාර්යය භාර නිලධාරියාගේ තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?