වැඩතහනම් වූ දුම්රිය සේවකයින් තිදෙනෙක් යළි සේවයට

විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටවූ බවයි.

ඉකුත් 5 වනදා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක වායුසමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ද සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුව කටයුතු කරනු ලැබුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක් වූ නාවලපිටිය දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශ කාර්යය භාර නිලධාරියාගේ තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14