වැඩතහනමකට ලක්වු විනිසුරු පිලපිටිය වසරකට පසු නැවත සේවයේ පිහිටුවයි

වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු ව එසේ‍ සේවයේ පිහිටුවා ඇත්තේ, පරීක්ෂණයකට යටත්ව බව ද සඳහන් වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු සේවයේ නැවත පිහිටුවීමට අදාළ ලිපිය නිකුත් කිරීමට නියමිත බව ද සඳහන්ය.

දැනට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පසුගිය වසරේ ජනවාරි 21 වන දින වැඩතහනමට ලක්විය.

ඒ විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුවය.

ඒ අනුව වැඩතහනමට ලක්ව සිටි මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබුණි.

කෙසේවෙතත් නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ, මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බවය.

2020 පෙබරවාරි මස 19 වන දින තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් නිසි අධිකරණය නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කළේය.

2020 ජූනි මස 8 වන දින ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත් වු නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33