වැටුණු ඉනිම ගොඩගන්නට නැංගූරමක් වූ ශ්‍රී ලංකා නායකයාගෙන් විශිෂ්ට ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කරගැනීමට නායක චරිත් අසලංක මීට ටික වේලාවකට (02) පෙර සමත් වුණා.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබෙන සංචාරක බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයට එක් වෙමින්.

චරිත් අසලංක මෙම විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළේ පන්දු 117කට මුහුණදෙමින්.

ඊට දැවැන්ත හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් ඇතුළත්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරා ගැනුණ ද, බංග්ලාදේශ වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට නම් ඉඩක් ලැබුණේ නැහැ.

මුල් පෙළ කඩුලු ලකුණු 50ක් වන විට දැවී යද්දී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් වගකීම් සහගත පිතිකරණයක නිරත වෙමින් අසලංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගොඩනැගුවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු දෙකක් තුළ කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 234ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38