spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැට් බද්ද 24% දක්වා ඉහළ නංවන කතාව බොරුවක් – ශෙහාන් සේමසිංහ

එළඹෙන වසර තුළ බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කර ගැනීම පමණක් බවයි.

ඒ, සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා ඊට 2024 අයවැය මගින් යෝජනා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පෙන්වා දෙනවා.

එබැවින් වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?