වැග්නර් හමුදාව රුසියාවේ තවත් නගරයක බලය අල්ලයි

රුසියාවේ බලය අත්පත් කර ගන්නා බවට තර්ජනය කර ඇති වැග්නර් කුලී හමුදා ඛණ්ඩය තවත් නගරයක බලය අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

රොස්තොව්-ඔන්-ඩොන් නගරයේ පාලනය ද තමන් සතු බවට වැග්නර් හමුදා ප්‍රකාශ කළ අතර මේ වන විට මොස්කව් අගනුවර ආසන්නයේ පිහිටි වොරොනෙෂ් (Voronezh) නගරයේ සියලුම හමුදා පහසුකම් ද වැග්නර් සටන්කාමීන් යටතට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් Voronezh නගරයේ නිලධාරීන් තවමත් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ.

මේ අතර, Voronezh ප්‍රදේශයේ ආණ්ඩුකාර Aleksandr Gusev ප්‍රකාශ කළේ කලින් ප්‍රකාශ කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමේ කොටසක් ලෙස රුසියානු සන්නද්ධ හමුදා දැන් Voronezh කලාපයේ මෙහෙයුම් සහ සටන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

මේ අතර ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස රුසියාවේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Wagner’s හමුදා සිය Telegram නාලිකාවේ ශ්‍රව්‍ය පණිවිඩයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ රූපවාහිනී දේශනයට කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ ප්‍රතිචාරයක් ලෙසටයි දක්වා ඇත්තේ.

එහි දැක්වෙන්නේ,

“අපි අපේ මාතෘභූමියේ දේශප්‍රේමියෝ, අපි සටන් කළා, දැන් සටන් කරනවා. “ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙකු විසින් ඉල්ලා සිටින පරිදි අපගේ වරද පිළිගැනීමට කිසිවෙකු යන්නේ නැත. අපේ රට තවදුරටත් දූෂණයෙන්, බොරුවෙන් සහ නිලධාරිවාදයෙන් ජීවත් වීමට අපට අවශ්‍ය නැති නිසා.”

අද උදෑසන පුටින් ගේ ප්‍රකාශයේදී ඔහු වැග්නර් හමුදාවන්ට චෝදනා කළේ රාජද්‍රෝහී බව පවසමින්.

ඔහු එකමුතුව සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි අතර තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කරන බවයි සඳහන් කළේ.

එහෙත් හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන වැන්ගර් හමුදා ප්‍රධානියා පවසන්නේ තම අරමුණ හමුදා කුමන්ත්‍රණයක් නොව යුක්තිය සඳහා වූ ගමනක් බවයි.

Wagner හි ප්‍රධානී Yevgeny Prigozhin ඔහුගේ පාලනය යටතේ පවතින බව පවසන දකුණු නගරය වන Rostov-on-Don සිට මොස්කව් වෙත ගමන් කරන බවට දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රසිද්ධ කර තිබුණා.

එහෙත්, ඔහුට මොස්කව් අගනුවරට ළඟා වීමට හැකිවේ ද නැතහොත් එය ක්‍රෙම්ලිනයට එල්ල කරන ලද දැඩි තර්ජනයක් පමණක්ද යන්න ගැටළුවක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

වැග්නර් හමුදා කියා සිටින්නේ ඔහුගේ අණ යටතේ සන්නද්ධ සටන්කරුවන් 25,000 ක් සිටින බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මාස ගණනාවක් තිස්සේ නැගෙනහිර යුක්රේනයේ දරුණු සටන්වලට සම්බන්ධ වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14