spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැග්නර් නායකයා මියගියේ පුටින්ගේ සැලසුමකින් ද?

වැග්නර් කුලී හමුදා නායකයාගේ වන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ (Yevgeny Prigozhin) මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව රුසියානු ආරක්ෂක මුලස්ථානය පවසනවා.

මොස්කව්හි නියෝග මත ඔහු ඝාතනය කර ඇති බවටයි බටහිර දේශපාලනඥයන් සහ විචාරකයින් චෝදනා කර ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපති පුටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ මෙය සම්පූර්ණ අසත්‍යක් බවයි.

බදාදා මොස්කව් නුවර අසල කඩා වැටුණු පුද්ගලික ජෙට් යානයේ සිටි අයගේ ඛේදනීය මරණ සම්බන්ධයෙන් බොහෝ සැක කටයුතු කරුණු ඇති බවයි දිමිත්‍රි පෙස්කොව් පවසන්නේ.

මීට පෙර, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ප්‍රිගොෂින් අනතුරෙන් පසු මිය යාමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ප්‍රිගොෂින්ට ශෝකය පළ කර උපහාර පුද කළ නමුත් ඔහු මිය ගිය බව ස්ථිරවම තහවුරු කිරීමෙන් වැළකී තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිද්ධිය පිළිබඳ ප්‍රථම වරට අදහස් පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ ප්‍රිගොෂින් ‘ජීවිතයේ බරපතල වැරදි සිදු කළ’ දක්ෂ ව්‍යාපාරිකයෙකු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?