spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන 3000ක් සමග නෞකාවක් ගිනි ගනී

ලන්දේසි දූපතක් වන ඇමලන්ඩ් වෙරළට ඔබ්බෙන් මෝටර් රථ 3,000 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යන භාණ්ඩ නෞකාවක ඇති වූ ගින්නකින් එක් නාවිකයෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් ගින්නෙන් බේරීමට මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න සමග ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති අතර ඔවුන් සැක කරන්නේ මෙම ගින්න දින ගණනක් ඇවිළෙනු ඇති බවටයි.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මුලදී ගිනිදැල් නිවා දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීම හේතුවෙන් ජීවිත බේරා ගැනීම සඳහා ඉවත්වී තිබෙනවා.

වෙරළාරක්ෂක භටයින් විසින් ලබා ගත් ඡායාරූපවල දැක්වෙන්නේ පැනමා ධජය සහිත නෞකාව ගින්නෙන් සහ දුමෙන් වැසී ඇති ආකාරයයි.

වෙරළාරක්ෂක බලකාය නෙදර්ලන්ත ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ගින්න දින ගණනක් පැවතිය හැකි බවයි.

නැව සිසිල් කිරීම සඳහා එහි පැති ජලයෙන් පුරවා ඇති නමුත් ගිලා බැසීමේ අවදානම හේතුවෙන් ගලවා ගැනීමේ බෝට්ටු විසින් නෞකාවට වැඩි වශයෙන් ජලය දැමීම නතර කර තිබෙනවා.

මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව උතුරු ජර්මනියේ බ්‍රෙමර්හේවන් වරායෙන් අඟහරුවාදා පිටත් වී ඇත්තේ ඊජිප්තුවේ පෝට් සයිඩ් බලා යාමේ අරමුණින්.

එය ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇති උතුරු මුහුදේ අද්දර පිහිටි Wadden මුහුදේ Ameland සිට උතුරට කිලෝමීටර් 27ක් පමණ දුරින් අනතුරට ලක් වුණා.

වෙරළාරක්ෂක බලකාය පැවසුවේ ගින්නට හේතුව නොදන්නා අතර විදුලි මෝටර් රථයක බැටරියකින් ගින්න ආරම්භ වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

නැවේ තිබූ වාහනවලින් 25ක් පමණ විදුලියෙන් ධාවනය කෙරෙන ඒවායි.

ගලවා ගැනීමේ බෝට්ටු නැව වටා යාත්‍රා කරමින් සිටින අතර ඉන්ධන කාන්දුවක් ඇති වුවහොත් ඊට පිළියම් යෙදීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.

ගිනි ගන්නා නෞකාව ආසන්නයේ ගුවන් යානා පියාසර කිරීම ද ගුවන් ගමනාගමන නිලධාරීන් විසින් තහනම් කර ඇතැයි සඳහන්.

පසුගිය වසරේ සුඛෝපභෝගී මෝටර් රථ 4000ක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අසෝර්ස් ප්‍රදේශයේ දී ගිනිගෙන ගිලී විනාශයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
12
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?