වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්!

මාර්තු මාසයෙන් පසු වාහන ආනයනය කරන බවත්, එවිට වාහන මිල පහත බහින බවටත් ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර පතුරුවා හරිමින් රටතුළ ඇති පාවිච්චි කරන ලද වාහන, සේල් තුළට රිංගවා ගැනීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ වාර්තා වෙනවා.
මේ වන විට වාහන ආනයනය නැවතී ඇති නිසා රට තුළ ඇති වාහන වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙනවා.  ඒ නිසාම වාහන මිල සීයයට සීයකින් ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ඇතැම් වාහන සේල් කරුවන් මෙලෙස ජනතාව මුලා කර ඔවුන් සතු වාහන මිලට ගෙන මාර්තු අප්‍රේල් වන විට අධික මිල ගණන් යටතේ එම වාහන අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.  මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය ද අදහස් පළ කරනවා.  ඔහුන් පවසන්නේ මෙවැනි ව්‍යාජ ප්‍රචාරයන්ට නොරවටන ලෙසයි.