වාහන සම්බන්ධයෙන් නව පෙරලියක් ! ඇදහිය නොහැකි සුපිරිම වාසියක්

වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය.

එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ (Delo) ලිහිසි තෙල්, අධි බල එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක* අති විශාල ධාවන දුර ප්‍රමාණයක් ළඟාකරගැනීමට සමත්ව තිබේ.

මෙම දැවැන්ත වාසියට අමතරව අධි බල එන්ජින් වාහන හිමියන්ට තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ.

කීර්තිමත් භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් සේවා ආයතන වන Freight Link සහ Auto Ezone සම්බන්ධ කරගනිමින් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ මෙම පර්යේෂණ අත්හදා බැලීම සිදුකරන ලදී.

එනම්, ඩෙලෝ ලිහිසි තෙල් යෙදූ වාහන සති දෙකකට වරක් පරීක්ෂා කරමින්, එම පර්යේෂණ සාම්පල සිංගප්පූරුවේ පර්යේෂණාගාරයක් හරහා තහවුරු කරගත් අතර, එහිදී සිදු කරන ලද පරීක්ෂණ වාර දෙකකදීම එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් උදා කරගත හැකි බව පෙනීගොස් තිබේ.

එන්ජින් කොටස් සඳහා ආරක්ෂාව සැලසීමේ අරමුණින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් අතිරේක යෙදුම් පවා එක් කළ උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් රැගත් නිෂ්පාදන මෙසේ ඩෙලෝ සන්නාමය යටතේ හඳුන්වාදී ඇති අතර, එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේදී ISOSYN තාක්ෂණය ද භාවිත කර තිබේ.

ඒ හරහා අසමසම ක්‍රියාකාරීත්වයක් සමඟ එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, එන්ජිමට වැඩි ආරක්ෂාවක්, විශ්වාසයක්, කල්පැවැත්මක් සහ ඉතිරියක් ද එක් කරමිනි.

මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීමත් සමඟ සියයට 17ක් දක්වා ප්‍රතිශතයකින් වාහන නඩත්තු, සේවා සහ මෙහෙයුම් පිරිවැය අවම කරගනිමින් පවත්නා දුෂ්කර ආර්ථික වාතාවරණය හමුවේ භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් සේවා මෙහෙයුම් ආයතනවලට සහාය වීමට ද හැකිවී තිබේ.

ඩෙලෝ හඳුන්වාදෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල තවත් පියවරක් වශයෙන්, ඩෙලෝ නිෂ්පාදන භාවිතයෙන් ලබාගත හැකි පිරිවැය ප්‍රතිලාභය ගණනය කිරීමේ උපාංගයක් ද හඳුන්වා දී ඇත.

https://chevron.lk/delo-benefit-calculator/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පිරිවැය ප්‍රතිලාභ ගණන පහසුකමට පිවිසිය හැක.

අදාළ කොන්දේසි හා නියමයන් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා https://chevron.lk/delo-technology/ වෙතපිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:57
Video thumbnail
මත්ද්‍රව්‍ය නැතුව අත්අඩංගුවට ගත්තොත් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග - නි.පොලිස්පතිගෙන් සැර කතාවක්
03:47
Video thumbnail
බීඩි බොන්නේ නැත්තම් වෙන මොනාහරි බොනවද..?
05:32
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්
05:29
Video thumbnail
ජනාධිපතිව විශ්වාස කරලා තමයි අපි ආවේ - තාම මොකුත් කළේ නෑ
03:04
Video thumbnail
පිරිසක් CIDය ඉදිරිපිට බිම වාඩිවි විරෝධතාවක් - මෙයාලා දිවයින පුරා විශාල වශයෙන් මුදල් වංචා කරලා
02:25
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15