වාහන විකුණන බව කියා කෝටි ගණනක මුදල් අරන් පස්ස දොරෙන් පැනලා

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සැකකරුවන් තිදෙනෙකු කුරුඳුවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන ලබාදෙන මුවාවෙන් ගැනුම්කරුවන් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන එම වාහන ලබානොදී පලායාම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කුලී පදනම මත ලබාගත් කාමරයක සැකකරුවන් විසින් වාහන වෙළඳාම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් විසින් වාහන කිහිපයක් අලෙවි කිරීමට ඇති බව පවසමින් ප්‍රසිද්ධ පුවත්පතක දැන්වීමක් ද 2023.12.17 දින පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම දැන්වීම මත ගැනුම්කරුවන් දෙදෙනෙක් මෝටර් රථයක් සහ ජීප් රථයක් මිල දී ගැනීමට ඊයේ (20) දිනයේ පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරුවන් විසින් ගැනුම්කරුවන්ට අදාළ වාහන පෙන්වා අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමට පෙර මුදල් ලබාදෙන ලෙස ඉල්ලමක් කර ඇති බව සඳහන්.

එහිදී එක් ගැනුම්කරුවෙකුගෙන් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක මුදලක් ද අනෙක් ගැනුම්කරුගෙන් රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක මුදලක් ද එම ආයනතනයේ හිමිකරු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ලබාගෙන තිබෙනවා.

පසුව ඔවුන්ට වාහනවල යතුරු සහ ලිපි ලේඛන සකසා දෙන තෙක් රැඳී සිටින ලෙස දන්වා මුදල් ලබාගත් පුද්ගලයා ආයතනයේ ඇතුළත කාමරයකට ගොස් මුදල් ද රැගෙන පසුපස දොරෙන් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගැනුම්කරුවන් දෙදෙනා කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර එම පැමිණිල්ල මත ආයතනයේ ප්‍රධාන කළමණාකරු , සහකාර කළමණාකරු සහ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 41,43 සහ 65 යන වයස්වල පසුවන පන්නිපිටිය, මාලිගාවත්ත සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම වංචාවේ ප්‍රධාන සැකකරුවන මුදල් රැගෙන පලාගිය පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52