වාහන රියදුරු බලපත්‍ර හිමියන්ට සහනයක්

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කටයුතු කර ඇත.

ඊට අදාලව ප්‍රවාහන අමාත්‍යතුමිය විසින් අංක 2247/17 දරන අති විශේෂ ගැසට් නිවේදනය 2021.09.29 දින ප්‍රකාශයට පත් කොට ඇත.

එම ගැසට් නිවේදනයට අනුව රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 අප්‍රේල් මස 01 දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව ඉහත කල්ඉකුත්වීමේ දින සිට මාස 12 ක් දක්වා දීර්ඝ කොට ඇත.

එමෙන්ම රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 ඔක්තෝබර් මස 01 දිනෙන් ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව ඉහත කල් ඉක්තුවීමේ දින සිට මාස 06 කින් ද දීර්ඝ කරනු ලැබූ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි දන්වා සිටියි.

මෙලෙස වාහන රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිතව දීර්ඝ කිරීමට තීරණය කරන ලද්දේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් ලක් වූ අපහසුතාව හේතුකොටගෙන බව ද ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් දන්වා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14