වාහන මිල දෙගුණ තෙගුණ වෙයි

මෙරට වාහන අලෙවිය සීග්‍රයෙන් පහළ බැස ඇති බවට වාහන ආනයනකරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා දැමීමත් සමග ලියාපදිංචි වාහන මිල තව තවත් ඉහළ යමින් පවතින බවයි.

ඊට හේතු වී ඇත්තේ වාහන හිමියන් තමන් සතු වාහන විවිධ වෙබ් අඩවි හරහා අලෙවි කිරීමට පෙළඹීම වේ.

එලෙස අලෙවි කරන ලියාපදිංචි වාහනවල මිල සාධාරණ නොවීම නිසා වාහන සිහිනය තවදුරටත් සිහිනයක්ම කර ගැනීමට ජනතාවට සිදුව ඇති බව වාහන ආනයනකරුවන් සදහන් කරයි.
උදාහරණයක් ලෙස 2016 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථයක් මෙරට තුළ මේ දිනවල අලෙවි වන මිල 7,650,000ක් වේ.

2019 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථයක් ජපාන වෙබ් අඩවියක සදහන් මිල ඇමෙරිකානු ඩොලර් 10,730ක් වන අතර ශ්‍රී ලංකා රුපියල් වලින් විසිඑක් ලක්ෂ හැත්තෑඅටදහස් එකසිය අනූවක් (රු. 2,178,190/=) වේ.

එම මෝටර් රථය රක්ෂණයක් සහිතව හම්බන්තොට වරායට ප්‍රවාහනය කිරීමට වැය වන මුදල ඇමෙරිකානු මුදලින් ඩොලර් 1,549ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 314,447ක් වේ.

ඒ මෝටර් රථයේ මිල සහ නැව් + රක්ෂන ගාස්තු එකතු කළ විට මුළු මුදල රුපියල් 2,492,637 වේ.

ඒ අනුව බලන විට ඉහත සදහන් 2016 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථය රුපියල් 5,157,363කින් ඉහළ අගයක් ගනු ලබන බව පැහැදිලි වේ.

ජපන් වෙබ් අඩවියේ වාහන මිල

  1. ලන්කාවෙ පාරවල් වලට ඔරොත්තු නොදෙන් වාහන ප්‍රමානයක් ලන්කාවේ තියෙන්නෙ . අනික් කරුන වාහන පාවිච්චිය අන්වශ්ය විදියට ලන්කාවෙ කෙරෙන්නෙ . මහ මග අනතුරු . වාහන නිසා දින්පතා මිය යන ජීවිත ප්‍රමානය අධිකයි . සමහර අය කන්න බොන්න නැති උනත් තම මිදුලෙ නවතා අනික අයට පෙන්වා මානසික තෘප්තියක් ලබනට උනන්දුවක් . කොහොමත් ලන්කාවෙ අද වන විට තිබෙන වාහන ප්‍රමානය ලන්කාවට වෙඩියි . විදේෂ විනිමය මෙවාට ගෙවනවා වාගෙම . මෙ වාහන දුවන්න තෙල් පෙට්‍රොල් ඩීසල් ගෙන්වන්න යන්නෙත් විදෙෂ විනිමය . වාහන ගෙන්වන්න දෙන්න තමන්ට එය විදෙෂ විනිමයෙන් ගෙවන්න හැකි අයට . ගෙවන බදු මුදල් විදෙෂ විනිමයෙන් සහ මිලදි ගන අයට නාහෙන් අන්ඩන්නෙ නැතිව පෙට්‍රොල් ඩීසල් ගහන්න තරම් ආර්තිකයක් තියෙන අයට ? වෙඩි මුදලට පෙට්‍රොල් ඩීසල් ගෙන්වා අඩු මුදලට දීම්ත් රටෙ ආර්තිකයට අහිතකරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44