වාහන මිල ගැන රජය ගත් තීරණය මෙන්න

පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේ දක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

  1. රජයට කෝටි 25000ක් ඉතුරු උනේ වාහන අපට ගෙනත් දුන්නෙ රජයෙන්ද? රජයට කෝටි 50000ක් බදුනම් නැති වෙලා ඇති.

    • අනේ බන් උබ වගේ එකෙක්. අපේ සල්ලී කියන්නේ රටේ මුදල්. රටේ රුපියල් ඩොලර් වෙලා එලියට යනඑක නතර උනු එක ගැනයි ඔය කියන්නේ

    • ගොනෝ…රටේ සල්ලි පිටට යනවා කියන්නෙ ලංකාවෙ ඩොලර් අඩුවෙනව.. ඩොලර් අඩු උනාම අපි ඩොලර් එකකට රුපියල් වලින් ගෙවන මුදල වැඩී.

  2. ඒ පිලිබද සිතුවිලි ඇති වීම උනත් සතුටක්.අතරමැදියන් විශාල ලෙස ලාබ උපයා ගනී.නිදාගෙන නැගිටින විට මිල ලක්ශ 2 ක් වැඩි වෙලා

  3. මුන්ට ලිසිං කොම්පැනි කඩන් වැටෙනකොට පුදුම අමාරුවක්, නමුත් ලිසිං කොම්පැනි මිනිස්සු තුරන් කනකොට , අධික පොලි අධික ලැබ ලබනකොට, මිනිසුන්ගේ වාහන සිස් කරනකොට , රට වහල තියල ඇරපු හැටිය ලිසිං කාරයෝ සල්ලි ඉඉල් ඉල්ල කෑ ගහනකොට , වාහන උස්සන් ගිහිල්ල මිනිසුන්ගේ දරු පවුලට කන්න දෙන ජීවනෝපාය නැති වේල්ල අනද මිනිසුන් විලාප , දෙනකොට , ලිසිං ගෙවා ගන්න බැරි මිනිස්සු සංගම් හදා රජයට තම දුක කියන්න දැන් වසරකට වඩා කාලයක් තිස්සේ උත්සහ කරන කොට, ඒවා ගැන වගක්වත් නැති මේ ආණ්ඩුවේ කාල කන්නි , ලිසිං කොම්පැනි කදන් වැටෙනකොට තමයි මුන්ට කඳුළු පනින්නේ. මුන් සිනි මිල, හාල් මිල, ආදී හැම දේම මිල වැඩි කරලා තර කරන්නේ හොර බිස්නස් කාරයෝ ටික මිසල්ක් මුන් මිනිස්සු ගැන එක අබ මල් රේණුවක් හිතන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46