වාහන තුනක් ගැටී බණ්ඩාරගම අනතුරක් – 12ක් රෝහලට

බණ්ඩාරගම – කළුතර මාර්ගයේ ගල්තුනේ මංසන්ධියේ දී අද (26) පස්වරුවේ ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු ද සිටිනවා.