spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයන සීමා ලිහිල් කරන දිනය මෙන්න (වීඩියෝ)

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ”තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින්.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු හේතුවෙන් ජනතාව පීඩාවට ලක් වූ බවයි.

ලබන වසරේ සිට පියවරෙන් පියවර පළමුව අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේදී සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට පමණක් අවසර ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?