spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශයෙන් එන ආරංචිය

කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේ දක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන බව දිනපතා පුවත්පතක සඳහන් කර තිබෙනවා

විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබෙනවා .

මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේදී කිසියම්වූ සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ

එමෙන්ම කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරකදී මෙරටට ආනයනය කෙරෙන බවද වාහන ආනයනකරුවෝ පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?