වාහන ආනයනය ගැන අනාවරණයක්

විවිධ නීතිමය කරුණු හේතුවෙන් රේගුවේ රඳවා තැබෙන භාණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඇපකර මත මුදා හැරිය හැකි වන පරිදි රේගු පනත සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට රථවාහන 600කට අධික ප්‍රමාණයක් ඇතුළු භාණ්ඩ රැසක් රේගුව මගින් රඳවා ගෙන ඇති බවයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සියඹලාපිටිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

2015 සහ 2020 වසර අතර කාලය තුළ මෙරටට රථ වාහන 2,498,714ක් ආනයනය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එම සංඛ්‍යාව 13%ක් වූ ළමා ජනගහනය සහ 5%ක් වූ වසය 70% වැඩි ජනගහනය ඉවත් කළ විට ඉතිරි එක්කෝටි තිස් හය ලක්ෂයක ජනගහණයෙන් බෙදූ විට සෑම පුද්ගලයන් පස් දෙනෙකුටම අයෙකු රථ වාහනයක් ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රටවල් 68කින් සමාගම් 100ක් යටතේ මෙම ආනයනයන් සිදු කර තිබෙනවා. මෙම කාලය තුළ ආනයනය කර ඇති රථ වාහනවල වටිනාකම රුපියල් බිලියන 1331.51ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 991.12ක බදු මුදලක් රජය අයකරගෙන ඇති බවයි.

මේ අතර රථවාහන ආනයන කිරීමේ දී වන සියලු ගෙවීම් අදාළ ආනයනය සිදු කරන රටේ දීම ගෙවා දැමිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ යෝජනාවක් සකස් කරන බව රංජිත් සියඹලාපිටිය මහතා මෙහි දී ප්‍රකාශ කළා.

බදු ආදායම ඉහළ නැංවීම සහ විනිමය ආරක්ෂා කිරීම පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කරමින් ඇති අතර ඊට අදාළ යෝජනාව ඇතුළත් කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
20
+1
3
+1
3
+1
8
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34