spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය කරන තෙක් බලාගෙන ඉන්න අයට පණිවුඩයක්

පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇතැයි සිතිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් මෙලෙස ආනයනය සීමා කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පෞද්ගලික වාහන සඳහා ඇති ආනයන සීමා හැර අනෙකුත් සියලුම ආනයන සීමා ඉවත් කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

රජයේ තක්සේරුව සහ විශේෂඥ මතය අනුව දේශීය වෙළෙඳපොළේ ප්‍රමාණවත් වාහන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වාහනවලට පවතින ඉල්ලුම, ඉන්ධන සහ වාහන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අනුව බලධාරීන් තීරණයක් ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වත්මන් සමාලෝචනයට අනුව පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් නොකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
32
+1
82
+1
15
+1
45
+1
15
+1
39
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?