spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචි වීමට අද සිට අවස්ථාව

ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා, ආදායම් බලපත්‍ර අංකය මඟින් ලියාපදිංචි වීමට අද (31) සිට අවසර හිමිවනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙතෙක් ගැටලුව පැවති සියලු ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විසදුම් මේ වනවිට ලබාදී ඇති බවයි.

ඒ අනුව හෙට (01) දිනයේ සිට දිවයින පුරා QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම ක්‍රමයත් සමඟ පෙර පැවති වාහන අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ එලෙස ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේදයන් හෙට (01) දිනයේ සිට වලංගු වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?