වාහන අංක තහඩු ජනවාරියේ සිට වෙනස් කෙරේ

රථ වාහනවල අයිතිය පළාතින් පළාතට විතැන් වීමේදී අදාළ පළාතට අයත් අක්ෂර සහිතව අලුතින් අංක තහඩු මුද්‍රණය කිරීම මගින් රජයට කිසිදු ආදායමක් නොලැබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ අංක තහඩු අලුතින් මුද්‍රණ කටයුතු සිදු කරන පෞද්ගලික මුද්‍රණකරු ඉන් විශාල ආදායමක් ලබන බව සඳහන්.

මේ ආකාරයෙන් පළාත් අතර විතැන් වූ වාහන තුන්ලක්ෂ හැත්තෑ හය දහස් දෙසිය තිස් තුනක් වෙනුවෙන් පසුගිය වසර තුනක කාලයේ දී අලුත් අක්ෂර යෙදූ අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ කටයුතු සිදුකරන පෞද්ගලික සමාගමට ගෙවා ඇති මුදල හැත්තෑ හත් කෝටි අසූහතර ලක්ෂ හතළිස් අට දහස් දෙසිය හැත්තෑ අටක් බව අනාවරණය වී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට යි තීරණය කර ඇත්තේ.

එම තීරණයට අදාළ කටයුතු මේවන විටත් සිදු කෙරෙමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට පළාත් අක්ෂර ඉවත් කරමින් අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කරන බව යි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කළේ.

මේ අතර වාහන හඳුනා ගැනීමට සවිකරන රේඩියෝ සංඛ්‍යාත ස්ටිකරයෙන් ද ප්‍රයෝජනයක් නොමැති බවත් එයින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවත් වාර්තා වෙනවා.

අංක තහඩු ගැටලුවේ දී මෙන්ම මෙම ස්ටිකර් මුද්‍රණයෙන් ද වසරකට කෝටි දෙකකට අධික ලාභයක් ඒවා මුද්‍රණය කරන පෞද්ගලික සමාගම වෙත හිමි වන බව යි අනාවරණය වී ඇත්තේ.

2019 වසරේ දෙසැම්බර් සිට 2020 අගෝස්තු දක්වා කාලය තුළ අදාළ ස්ටිකර් තුන්ලක්ෂ දෙදහස් එකසිය අනූ දෙකක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දරා ඇති මුදල රුපියල් එක්කෝටි පනස් තුන් ලක්ෂ පනස් නවදහස් පන්සිය තිස් හතරක් බවත්, එය නිෂ්ඵල වියදමක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාව හරහා හෙළි වී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසන්නේ අංක තහඩු හා ස්ටිකර් මුද්‍රණය සඳහා තිබිය යුතු උසස් තාක්ෂණය හෝ මානව සම්පත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොමැති බව යි.

එහෙයින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් මෙම කාර්යයන් පෞද්ගලික අංශයකට ලබා දී ඇති බව ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44