spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාසුගේ සහාය ඩලස්ට හිමිවන බව කියයි

ජනාධිපති ධුරයට අදාළ ඡන්ද විමසීමේ දී තම සහාය ඩලස් අලහප්පෙරුමට ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.

සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා ඩලස් අලහප්පෙරුම බවයි නායක වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ ඡන්ද විමසීම ලබන 20 වනදා සිදුකරෙන අතර ඊට අදාල නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ ලබන 19 වන දිනයි.

ඒ, සඳහා මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට අමතරව තවත් අපේක්ෂකයින් තිදෙනෙක් ඉදිරිපත් වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?