spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාලම්පූරි 17ක් සමග 3 දෙනෙකු නාවික හමුදා භාරයට

බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වාලම්පූරි 17 ක් සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

වයඹ නාවික විධානයට අයත් විජය නෞකාව මඟින් කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26ත් 54ත් අතර වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

නාවික හමුදා භාරයට ගත් වාලම්පුරි සහ මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

එම සැකකරුවන් තිදෙනා, වාලම්පූරි 17, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?