වාලම්පූරි 17ක් සමග 3 දෙනෙකු නාවික හමුදා භාරයට

බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වාලම්පූරි 17 ක් සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් 671 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

වයඹ නාවික විධානයට අයත් විජය නෞකාව මඟින් කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26ත් 54ත් අතර වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

නාවික හමුදා භාරයට ගත් වාලම්පුරි සහ මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

එම සැකකරුවන් තිදෙනා, වාලම්පූරි 17, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25