spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාලම්පුරියක් සල්ලි කරන්න යද්දී මාට්ටු

වටිනාකමින්වැඩි වාලම්පුරියක් අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිකුණාමලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) දින චීනවරාය පොලිස් වසමේ ත්‍රිකුණාමලය – නුවර මාර්ගයේ, කප්පල්තුරේ ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකර තිබුණා.

එහි දී මුදලට අලෙවි කිරීම සඳහා ග්‍රෑම් 945ක් බර වාලම්පුරියක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුලියන්කුලම් හා කන්තලේ පදිංචි 45 සහ 49 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චීනවරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?