වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

වාලම්පුරියක් රුපියල් ලක්ෂ 10ක මුදලට විකිණීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) දහවල් දිවුලපිටිය නගරයේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවුලපිටිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 22 සහ 31 යන වයස්වල පසුවන උඩුකිඳ හා වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

දිවුලපිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.