spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාලම්පුරියක් විකුණන්න හැදූ දෙදෙනෙක් අල්ලයි

අලෙවි කිරීම සඳහා වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර උදයපුර ප්‍රදේශයේ කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

මෙම පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පොලිසියට භාරදී තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේම පදිංචි අවුරුදු 32 සහ 47 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා සතුව තිබී යතුරුපැදියක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ඔවුන් සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?