වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද කැබිනට්ටුවට – ගාස්තු සංශෝධනය හෙට සිටම ක්‍රියාත්මක විය යුතු බව බස් සංගම් කියයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (30) දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම සතිය තුළ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ.

මේ අතර වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු හෙට (01) සිට ක්‍රියාත්මක විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.

බස් ගාස්තු සංශෝධනය ප්‍රමාද වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද බස් සංගම් අනතුරු අඟවනවා.

මේ අතර වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිය දී ඊයේ (29) දින ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් සිදුකර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51