වාණිජ සුරපුරයක් වූ හොංකොං, චීනයේ අඩු සැළකිලි මැද හිස් වෙයිද ?

නිශ්චල වාණිජ දේපල අතින් ලොව මිල අධිකම බල ප්‍රදේශයක් ලෙසින් සැලකෙන හොංකොං හි කාර්යාල ගොඩනැගිලි පෙර කිසිදා නොවූ විරූ තරම් හිස් අවකාශ බවට පත්ව තිබෙනවා.

ප්‍රකෝටිපතියෙකු වන ලී කා ෂිනග්ගේ Cheung Kong මධ්‍යස්ථානය ද සියයට 25ක් පමණ පුරප්පාඩු වී ඇති අතර, වික්ටෝරියා වරායේ විශාල දර්ශන සහිත වීදිය හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ඔහුගේ නවතම ව්‍යාපෘතියේ නිවාස වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ එක් අයකු පමණයි.

හොංකොංහි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මේ වන විට පවතින්නේ කඩාවැටීමක්.

කොවිඩ්  වසංගතයෙන් පසු වැඩි පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය මත නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා වන ප්‍රමුඛ පෙළේ වාණිජ නගරවල නිශ්චල දේපළ වෙළඳාම් සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර ඉන් ගොඩ ඒම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටිනවා.

හොංකොං  මුහුණ දෙමින් සිටින්නේ ද මෙම තත්ත්වයටයි.

චීනය සිය මූල්‍ය කේන්ද්‍රස්ථානය මත සිය ග්‍රහණය දැඩි කරන බැවින් බටහිර බැංකු එහි සිය අවකාශය කපා හැර තිබෙනවා.

පසුබෑමකට ලක්වුණු ව්‍යාපාර චීන මැදිහත්වීමෙන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කළ ද එම චීන ව්‍යාපාර ද ඔවුන්ගේම ආර්ථිකය අරගලයක නිරත ව සිටින බැවින් බලාපොරොත්තු වූ තරම් ප්‍රගතියක් අත් වී නැහැ.

නිව්යෝර්ක් හෝ ලන්ඩනයේ මෙන් නොව හොංකොං හි පරිහානිය පැහැදිලි කිරීමට නිවසේ සිට වැඩ කිරීම පෙන්වා දිය නොහැකියි.

නගරයේ ඉහළ කාර්යක්‍ෂම උමං මාර්ග පද්ධතිය සහ කුඩා මහල් නිවාස සැලකිල්ලට ගෙන, හොංකොං වැසියන් තම රාජකාරි කටයුතු නිවෙස්වල දී සිදුකිරීමට මැලිකමක් දැක්වීම ඊට හේතුවයි.

ඉකුත් මාර්තු මාසයේදී හොංකොංහි උමං මාර්ග ධාවන කටයුතු  2019 මට්ටම ඉක්මවා ගිය අතර, නිව්යෝර්ක්හි එය පවතින්නේ තවමත් පෙර පැවති තත්වයෙන් සියයට 65ක මට්ටමකයි.

එසේ වුවත් හොංකොං ඉඩම් හිමියන්ට ඔවුන්ගේ හොඳම ගනුදෙනුකරුවන් මේ වන විට අහිමි වීමට පටන් ගෙන තිබෙනවා.

එක්සත් ජනපදය සමඟ වැඩෙන ආතතීන් මධ්‍යයේ චීනයේ ව්‍යාපාරික වාතාවරණය නරක අතට හැරෙද්දී, වෝල් ස්ට්‍රීට්හි බැංකු සිය ව්‍යාප්ත කිරීමේ සැලසුම් අඩු කරමින් සිටිනවා.

මෝගන් ස්ටැන්ලි විසින් 2022 දී රැකියා 50ක් පමණ ඉවත් කිරීමෙන් පසු සිය ආසියා-පැසිෆික් ආයෝජන බැංකු ශ්‍රම බලකායෙන් සියයට 7ක් කපා හැරීමට සලකා බලමින් සිටින බවයි බ්ලූම්බර්ග් වාර්තා කළේ.

ජේ.පී.මෝගන් ඇතුළුව ආසියාවේ ආයෝජන බැංකුකරුවන් 30 දෙනෙකු පමණ හොංකොං අත්හැර දමා තිබෙනවා.

ඩොයිෂ් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සහ බීඑන්පී පරිබාස් වැනි සමාගම් නගරය අත්හැරදමා ගොස් ඇත්තේ පිරිවැය අඩු කිරීම සඳහායි.

FedEx ද සිය ආසියා පැසිෆික් මූලස්ථානය සිංගප්පූරුවට ගෙන ගියා.

ගෝලීය බැංකු මෙලෙසින් පසුබසින විට හෝ එය පිරවීම සඳහා චීනය ප්‍රමාණවත් තරම් සහභාගීත්වයක් දක්වන්නෙ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16