ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන තරුණියක්ව සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ( 18 ) රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

දංකොටුව පොලීසියට බෝබ්ම ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පිරිසක් කොළඹ සිට පැමිනෙමින් සිටින බව පොලිස් හදිසි ඇමතුම් අංශයට 18 වැනිදා රාත්‍රීයේ දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම ලබා දුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශණ කටයුතු සිදු කර ඇති වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන පණිවිඩය ලබා දී ඇති දුරකතන ලියාපදිංචි කර තිබී ඇත්තේ නාවලපිටියේ පදිංචි අයෙකුගේ නමටයි.

නමුත් එම දුරකතනය පාවිච්චි කරණු ලබන්නේ සැකකාරිය විසින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී තහවුරු වී තිබෙනවා.

නාවලපිටියේ පදිංචි තම සහෝදරිය නිවසට පැමිණ සිටි බවත්,කව්රුන් විසින් මෙම ඇමතුම ලබා දුන්නාද යන්න තමන් නොදන්නා බවත් සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

කෙසේවෙතත් දංකොටුව පොලීසිය සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09