ව්‍යාපාරික ස්ථානයක බලපත්‍ර රහිත දැව තොගයක් – වන ජීවී නිලධාරීන්ට ආරක්ෂක නිලධාරියාගෙන් බාධා

දඹාන ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක නීති විරෝධීව සගවා තිබූ දැව තොගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කුඹුක් සහ තේක්ක දැව තොගයක් මෙම ව්‍යාපාරික ආයතනයේ සගවා ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී 8ට පමණ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මහියංගණ වන අඩිවි කාර්යාල නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂාකර බලා තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුව නීති විරෝධීව සන්තකයේ තබගෙන සිටි දැව තොගය මාධ්‍යට නිරාවරණය කර තිබෙනවා.

මාධ්‍යවේදින් එම ස්ථානයට රැගෙන යෑම සඳහා පැමිණි වන සංරක්ෂණ නිලධාරියාට අදාළ කර්මාන්ත ශාලාවේ මුරකරු බාධා කරමින් විරෝධය පළ කළ අතර, නිලධාරියාගේ දෙපා ගේට්ටුවට අසුවන සේ තද කර ගේට්ටුව වසා ඇතුලු වීම වැලැක්වීමට උත්සාහ ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා හිරිහැර කිරිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගැනීමට සිටි ආරක්ෂක නිලධාරියා මද වේලාවකට පසු එම ස්ථානයෙන් පළා ගිය අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිලධාරීන් ඔහුට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදී එහි තරප්පු පෙළට, අවන්හලකට, පිහිණුම් තටාකය අසල පොළොවට ඇල්ලීම සඳහා කුඹුක් ලෑලි යොදාගෙන තිබු අතර, ඊට අමතරව ලී කැබලි විශාල ප්‍රමාණයක්ද එහි තිබී වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගත් බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අත් අඩංගුවට ගත් ලී හා ලෑලි තොගය මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ගොස් ඇති අතර මැණුම් කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරියාගේ ක්‍රියාවෙන් වන සංරක්ෂණ නිලධාරියාගේ පාදයකට තුවාල සිදු වී ඇති අතර ඔහු එම හානියට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුලත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13