ව්‍යාපාරික ධම්මික පෙරේරාට ලැබුණු මන්ත්‍රී ධුරයට ලෙඩක් වැටෙයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14