ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට දූරකථනයකින් ආ ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඒ කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ ව්‍යාපාරිකයා ව ඝාතනය කරන බවට තර්ජනය කරමින්, මුදල් ඉල්ලූ බවටයි පොලිසියට පැමිණිල්ල ලැබී ඇත්තේ.

මෙම තර්ජනය ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇත්තේ මුල්ලේරියාව – දෙල්ගහවත්ත ප්‍රදේශයේ වෙසෙන ව්‍යාපාරිකයෙකුටයි.

නාඳුනන කප්පම්කරු විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇති අතර, වහාම මුල්ලේරියාව පොලිසිය විමර්ශන සඳහා ක්‍රියාත්මක වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

පැය 24ක් ගතවීමටත් පෙර අදාළ කප්පම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

මොහු 51 හැවිරිදි ඩෙල්ගහවත්ත – අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, හෙතෙම විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙලෙස වරින්වර කප්පම් මුදල් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

p


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23