spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුට දූරකථනයකින් ආ ඇමතුමකින් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඒ කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ ව්‍යාපාරිකයා ව ඝාතනය කරන බවට තර්ජනය කරමින්, මුදල් ඉල්ලූ බවටයි පොලිසියට පැමිණිල්ල ලැබී ඇත්තේ.

මෙම තර්ජනය ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇත්තේ මුල්ලේරියාව – දෙල්ගහවත්ත ප්‍රදේශයේ වෙසෙන ව්‍යාපාරිකයෙකුටයි.

නාඳුනන කප්පම්කරු විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ සවස් කාලයේ දී සිදු ව ඇති අතර, වහාම මුල්ලේරියාව පොලිසිය විමර්ශන සඳහා ක්‍රියාත්මක වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

පැය 24ක් ගතවීමටත් පෙර අදාළ කප්පම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබෙනවා.

මොහු 51 හැවිරිදි ඩෙල්ගහවත්ත – අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, හෙතෙම විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙලෙස වරින්වර කප්පම් මුදල් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා ඇති බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

p
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?