ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

පසුගිය 10 වනදා පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ බව අනාවරණ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී යි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව, එම මත්පැන් අලෙවි කළ වෙළඳසැල් පිළිබඳව සහ වැරදිකරුවන්ට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුලත් වාර්තාවක් ලබන 31 වනදාට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි සභාපතිවරයා විසින් සුරාබදු දෙපාර්ත‍මේන්තුවට උපදෙස් ලබා දුන්නේ.

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ආයතනවල බලපත්‍ර සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අවලංගු කිරීමෙන් මෙවැනි වංචනික ක්‍රියා නතර කළ හැකි බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ නියෝජිතයන් මෙහිදී කාරක සභාවේ අවධානයට ‍යොමු කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් රජයට ලැබිය හැකි බදු ආදායම අහිමි වන බවයි. මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග හා එම ක්‍රියාමාර්ග ගත යුතු කාලසීමාවන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි උපදෙස් දැනටමත් ලබා දී ඇති බව කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

කෘතිම රා නිෂ්පාදනය කිරීම මගින් රජයට අහිමි වන බදු ආදායම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ස්වාභාවික රා සහ කෘතිම රා වෙන් කර හඳුනා ගැනීමේ තාක්ෂණික විශේෂඥතාව මෙරට තුළ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා නිෂ්පාදනය කරන ලද කෘතිම රා සොයා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් වාර්තාවක් ද ලබන 31 වනදාට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේ.

මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රමාණ සහ ඒ සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු ප්‍රමාණ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නිරීක්ෂණය කළ හැකි පරිදි ඩෑෂ් පුවරුවක් (dash board) සකස් කරන ලෙසද, සුරාබදු ආඥා පනත අනුව මත්පැන් නිෂ්පාදන ආයතනවලට මත්පැන් සිල්ලර වෙළඳාමේ යෙදිය නොහැකි හෙයින් එසේ මත්පැන් සිල්ලර වෙළඳාමේ යෙදෙන මත්පැන් නිෂ්පාදනාගාර ලැයිස්තුව කාරක සභාව වෙත 31 වන දිනට පෙර ලබා දෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු හිඟ බදු ගණනය කර හිඟ බදු ගෙවිය යුතු ආයතනවල බලපත්‍ර ස්වයංක්‍රීයව අහෝසි කළ හැකි ක්‍රමවේද‍යක් සකසන ලෙසද, අන්තර්ජාලය හරහා සිදුවන මත්පැන් වෙළඳාම තාවකාලිකව නවත්වා එම ක්‍රියාදාමය නියාමනය කිරීම සදහා සැලැස්මක් සකස් කරන ලෙසද කමිටුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවාද, සැබෑ ඒවාද යන්න හඳුනා ගැනීමේ අයිතිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බවයි කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ.

  1. ME PODI EWUN OWA KARANNE NAHE. OWA KARANNEMA ANDUWE WADIWELA INNA EWUN UNGE SAGAYO DAMMAWALA. OWA NOWEYI RAJA PAKSHALA GE HORA SALLI KALU SALLI SUDU KARANA DAMMIKA LA ARJUN LA, LOKU WITHANA LA, GEN AYA WENNA ONA KOTI GANAKA TAX ALLAPALLA WADDO NAM. EKEK KITTU WENNE NAHE GU BHAYAYI UNTA. CBK MUNTA DENNA EPA, HORA PAWULAK KIYUWA,DUNNOTH AYE BERA GANNA BAHE KIYUWA API HITHUWA ME GENI PARANA AREARS NISA EHEMA KIYUWA KIYALA. MINIUU AHUWE NAHE, DUNNA. DAN GANNA BAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41