ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල්වලට සමාගමකින් මිලියන 40ක දඩ

ක්‍රම සහ විධි කාරක සභා නිර්දේශයෙන් වැටලූ ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල්වලට එක් සමාගමකින් මිලියන 40ක දඩයක් අය කරගෙන තිබෙනවා.

ව්‍යාජ ස්ටිකර ජාවාරම තවදුරටත් සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසටයි නිර්දේශ කර ඇත්තේ.

මත්පැන් බෝතල්වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමටද නිර්දේශ වී තිබෙනවා.

මත්පැන් බෝතල් නිෂ්පාදන ස්ථාන 52ක් පරික්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට අද (07) දින දැනුම් දී ඇත්තේ.

එහිදී සොයාගනු ලැබූ ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල් සඳහා එක් සමාගමකින් අය කර ගනු ලැබූ දඩය මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවේ වාර්තා කර තිබෙනවා.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) රැස්වූ අතර කාරක සභාවට සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණා.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර යොදා ගැනීම නිසා මේ වනතෙක් රටට අහිමි වී ඇති බදු ආදායම සෑම මත්පැන් බෝතලයකින්ම රුපියල් 2,900ක් බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදී පසුගියදා අනාවරණය වීම හා ඒවා වහාම සෙවීමට සඳහා කාරක සභාව විසින් 2023/08/22 දින දුන් නිර්දේශ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේ තවදුරටත් මෙම ව්‍යාජ ස්ටිකර ජාවාරම සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙස සහ එම ව්‍යාජ ස්ටිකර පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

ඒ අනුව තවදුරටත් ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් සඟවාගෙන විකුණන මත්පැන් අලෙවිසැල් සොයා ඒවායේ බලපත්‍ර ද අහෝසි කරන ලෙසත්, මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමට කටයුතු කරන ලෙසත් ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සදහා පහත සංරචක ඇතුලත් තොරතුරු තාක්ෂණ යෙදුමක් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දීම සිදුකළ යුතු බවට එහිදී තීරණය කෙරුණා.

  • නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ වහාම ස්වයංක්‍රීයව බදු ගණනය කළ හැකි වීම.
  • මාර්ගගත ක්‍රමයට (online) බලපත්‍ර අලුත් කිරීමට හැකි වීම.
  • බදු ගෙවීම පැහැර හරින විට ස්වයංක්‍රීයව බලපත්‍ර අහෝසි කළ හැකි වීම.
  • වෙනත් ආයතන හා අන්තර් සම්බන්ධ විය හැකි වීම හා ජාතික හැඳුනුම්පත් අංකය අනන්‍යතාවය හඳුනා ගැනීමේ අංකය ලෙස යොදා ගත හැකි වීම.

තවද, රුපියල් බිලියන 6ක හිඟ බදු මුදල් ගෙවීම් සැලසුමට අනුව අදාළ නිෂ්පාදනාගාර බදු මුදල් නොගෙවන්නේ නම් ඔක්තෝම්බර් 30 දින වන විට සුරාබදු ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසද කමිටුව උපදෙස් ලබා දී තිබෙනවා.

ඉහත නිර්දේශවලට අමතරව රා නිෂ්පාදනාගාර 38ම අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් හදුන්වා දීම, සියළු මත්පැන් බෝතල් සඳහා පාරිභෝගිකයාට ව්‍යාජ මත්පැන් බෝතල් පහසුවෙන් හදුනා ගත හැකි එක් සමජාතිය හඳුනා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීම සහ සුරාබදු කොසමාරිස් ජනරාල්ට තම කාර්යාලයේ සිට මත්පැන් නිෂ්පාදනාගාර 23ම අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසීම පිළිබඳවද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිය නිර්දේශ ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26