spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ ලේඛන සකසා බාල ඖෂධ ගෙන් වූ ලොක්කෝ තිදෙනෙකුට රට ගමන් තහනමක්

ව්‍යාජ ලේඛන සකස් කරමින් බාල ඖෂධ ගෙන්වීමට අදාළ සමාගමක හිමිකරු සහ ඊට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම තහනම පනවා ඇත්තේ, අදාළ සැකකරුවන් විදෙස්ගතවීමේ සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසුවයි.

අදාළ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන සැකකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වමින් රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?