spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ ලේඛන යොදා වෛද්‍ය සැපයුම් අංශයට එන්නත් සපයලා

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් නියමිත ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා වංචා කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ විමර්ශනයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි වෛද්‍යවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?