spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ ලේඛණ සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක්

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලියාපදිංචි අංක සහිත වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 6 වනදා දහවල් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී වැටලීමක් සිදු කර සැක කටයුතු වෑන් රථයක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී වෑන් රථයේ රියදුරා සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 310ක් සහ හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 694ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 25 සහ 33 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා ගිරිතලේ සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා පසුගිය 7 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා වංචනික ලේඛන සකස් කළ වාහන අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් අලෙවි කර ඇති බවටයි.

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු පසුගිය 7 වනදා කොළොන්නාව පාර සුසාන භූමිය අසලදී කුඩා ලොරි රථයක් ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 29 වයස්වල පසුවන දෙදෙනෙක්. සැකකරුවන්ගේ ප්‍රකාශ මත තවත් මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් සොයාගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?