ව්‍යාජ ලේඛණ සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක්

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලියාපදිංචි අංක සහිත වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 6 වනදා දහවල් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී වැටලීමක් සිදු කර සැක කටයුතු වෑන් රථයක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී වෑන් රථයේ රියදුරා සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 310ක් සහ හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 694ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 25 සහ 33 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා ගිරිතලේ සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් දෙදෙනා පසුගිය 7 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා වංචනික ලේඛන සකස් කළ වාහන අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් අලෙවි කර ඇති බවටයි.

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු පසුගිය 7 වනදා කොළොන්නාව පාර සුසාන භූමිය අසලදී කුඩා ලොරි රථයක් ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 29 වයස්වල පසුවන දෙදෙනෙක්. සැකකරුවන්ගේ ප්‍රකාශ මත තවත් මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් සොයාගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34