spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලවතුගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් දෙදෙනා අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 36 සහ 41 වයස්වල පසුවන දෙදෙනෙක්.

සැකකරුවන් එම ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන අතර එහි ඇති පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයන් සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 43ක් සහ මුද්‍රණයට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?