ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත් කාඩ්පත් සැකසූ හෙදියන් දෙදෙනෙක්

ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් සකස් කළ අමෙරිකානු හෙදියන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නිව්යොර්ක් පොලීසිය පියවර ගෙන තිබේ.

ඔවුන් විසින් ව්‍යාජව සකස් කළ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් ඩොලර් 220ක පමණ මුදලකට අලෙවිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වුවද අදාළ හෙදියන් දෙදෙනා සහ ඔවුන් සේවය කළ රෝහලේ බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

පොලීසිය විසින් ඔවුන්ට ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් සකස් කළ බවට මෙන්ම මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා ගොනු කර තිබේ.