වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන්න

විදුලි කප්පාදුව ගැන පාරිභෝගිකයන්ට දැනුම්දීමේ අපහසුවක් ඇති බැවින් වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ සියලුම ජංගම පහසුකම් සපයන්ගෙන් එම ඉල්ලීම කර තිබේ.

එම කොමිසම පවසන්නේ, වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙසය.