‘ජන ජීවිතය සමග සෙල්ලම් එපා – ජනපතිතුමනි වහාම රට වහන්න’ යැයි ඉල්ලමින් අනුරාධපුර නගර සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ අනුරාධපුර ඞී. එස්. වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
රට වසා දමා ජනතාව සුරකින ලෙස රජයට බල කරමින් විවිධ වැකි ලියූ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
අනුරාධපුර නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා ඇතුළු විපක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක්මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
අනුරාධපුර නගරාධිපතිවරයාද කොවිඞ් වැළඳී රෝහල් ගත කරලා. මේ වනවිට අනුරාධපුර පමණක් නොවෙයි රටම මහ භයානක තත්වයකට පත් වෙලා. තවදුරටත් ජනතාවගේ ජීවිත ගැන සැහැල්ලූවට ගනිමින් රජය ජන ජීවිත සමග සෙල්ලම් නොකර වහාම රට වසාදමා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
– නොච්චියාගම, එම්. එම්. පී. ජී. පෙරේරා














වහාම රට වසා ජන ජීවිත සුරක්ෂිත කළ යුතුය
හොද තීරණයක්
ඉතින් වහල කියලා හිතාගෙ හැමෝම ගෙදරට වෙලා හිටියනම් ඉවරයි.
ඔබ වහගන්න එතකොට රට නිකංම වැහෙයි ඒවි රට වැහුවත් වැඩක් නෑ ඔබ වහ ගත්තෙ නැත්තං ඔය විදියට උඩ බුරන කොට නිකම්ම කට වැහේ රට වැහෙන එක කොහොම වුණත්
yako mehemath gon ralak ! Covid viyapthiyata wadaama hethuwa oya widiyata ekrasweema bawa nodanada mey boothayo keko gahanne? mariyavu Delta hadila – ratata sethak eka !!!
රටම පාරට බහිය්ද? එහෙම වුනොත් , තව ජාතියෙ වසංගතයක් බිහිවේද?